Thursday, January 5, 2017

ගැහැණියක් වෙනුවෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ංඝණය කළ පොලිස්කාරයින්ට යහතින් ඉන්න පොලිස්පති ඉඩ දිලා.


2008 රාජපක්ෂ රෙජිමයේ අශිර්වාද මැද, පොලිස් බලතල උපයෝගී කරගෙන නීති විරොධී ක‍්‍රියාවන්හි නිරත වු නිලධාරීන්ට එරෙහිව විනය පියවර නොගත්තා පමණක් නොව උසස්වීම් දුන්නේය. 

2008 දි, හික්කඩුවේ ටෙනිසන් හා ඔහු ගේ පුතාට පහරදී, බොරු නඩු දමා වධහිංසාවට පත්කළ එවක එම පොලීසියේ සේවය කළ උප පොලිස් පරීක්ෂක සංජීව සෙනෙවිරත්න හා  පොලිස් කොස්තාපල් 64244 සුරංග යන දෙදෙනාට එරෙහිව, පසුගිය වසරේ  පෙබරවාරි මස ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවට අනුව මේ දක්වාම පොලිස්පති ක‍්‍රියාත්මක වි නැති බව, ඔවුන් පෙන්වා දෙයි. 

මෙම කාරණය පිළිබඳව, ටෙනිසන් මහතා 2017.01.05 දාතමින් පොලිස්පතිට යවන ලද ලිපිය පහත දක්වමු.


පූජිත ජයසුන්දර මහතා
පොලිස්පති                  
පොලිස් මූලස්ථානය         
කොළඹ 01


පොලිස් බලතල උපයෝගී කරගෙන නීති විරොධී ක‍්‍රියාවන්හි නිරත 
නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගන්නා ලෙස කරණු ලබන ඉල්ලීම.

මෙම කාරණය සම්බන්ධයෙන් මා විසින් ඔබ වෙත 2016.06.10 හා 2016.08.09 දාතමින් කරන ලද ඉල්ලීම් හා බැඳේ.

(1* 2008 වසරේ හික්කඩුව පොලිස් ස්ථානයේ,

1. උප පොලිස් පරීක්ෂකවරයෙකු වශයෙන් සේවය කළ සංජීව සෙනෙවිරත්න

2. පොලිස් කොස්තාපල් 64244 සුරංග

යන දෙදෙනා සහ ඔබ හා නීතිපති වගඋත්තරකරුවන් වශයෙන් නම් කරන ලද,

SC/FR158/08 මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව 2016.02.17 වන දින ප‍්‍රකාශයට පත්කරණු ලැබීය.

(2* එම තීන්දුව ඔබ වෙත ලැබී ඇතැයි සිතමු.

එම තීන්දුව ප‍්‍රකාර, ඉහත නම් සඳහන් කළ එවක, හික්කඩුව පොලිස් ස්ථානයේ සේවය කළ,

(අ* උප පොලිස් පරීක්ෂක සංජීව සෙනෙවිරත්න හා පොලිස් කොස්තාපල් 64244 සුරංග
             යන දෙදෙනා පෙත්සම්කරුවන් වූ මාගේ හා මාගේ පුතාවන රොෂාන් කොයිටෙක්ස් 
             ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කළ බවට තීන්දු කරණු ලැබූ අතර, ඔවුන්ට හා
             රජයට වන්දි ගෙවීමට නියම විය.

(ආ* එයට අමතරව, මෙම මූලික අයිතිවාසිකම් නඩුවේ, 1 වන හා 2 වන
              වගඋත්තරකරුවන් වන උප පොලිස් පරීක්ෂක සංජීව සෙනෙවිරත්න හා පොලිස්
              කොස්තාපල් 64244 සුරංග යන අයට එරෙහිව සුදුුසු පියවර ගන්නා ලෙසට නියම
              කර, නඩු තීන්දුවේ සහතික කරන ලද පිටපත ඔබ වෙත එවීමට රෙජිස්ට‍්‍රාර් වරයාට 
              නියම කර ඇත. එ් අනුව නඩු තින්දුවේ සහතික පිටපත ඔබ වෙත එවා ඇතැයි මා
              විශ්වාස කරමි.

              
එමෙන්ම මෙම නිලධාරීන් දෙදෙනා පොලිස් බලතල උපයෝගී කරගෙන මට හා මාගේ පුතාට විරුද්ධව බොරු චෝදනා නගා ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයේ 2008 වසරේ, අංක 7568 හා 8049 යටතේ නඩු දෙකක් පවරන ලදි.

මෙම නඩු දෙකෙන්ම මා හා පුතා නිෙදාස් කොට නිදහස් කරණු ලැබීය. එ් වසර 09 කට පසුවය. දෙදෙනාට නඩු වාර 44 කට සහභාගී වීමට සිදුවිය. මෙම වසර 09 තුළ පොලීසිය සිය බලතල ඉතාමත් නින්දිත පහත් ආකාරයට උපයෝගී කරගන්නා ලද බව ප‍්‍රකාශ කරමි.

මෙම බොරු නඩු දෙක ගැන එවක පොලිස්පතිවරුන් හා දිස්ත‍්‍රික්කයේ ඉහළ නිලධාරින් වෙත ලිඛිතව හා වාචිකව දැනුම් දුන්නද කිසුදු පලක් නොවීය.

එම පැමිණිලි තිබියදී, උප පොලිස් පරීක්ෂක සංජීව සෙනෙවිරත්නට උසස්වීමක් ලබාදී, යක්කලමුල්ල පොලීසියේ ස්ථානාධිපති කරණු ලැබීය.

මේ සම්බ්නධයෙන් මා වෙත, ගාල්ල කොට්ඨාශ බාර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරීගේ, ීරසරැු30රැු10 හා 2010ග03ග23 ලිපියට හා නීති කොට්ඨාශයේ අධ්‍යක්ෂ විවිධ 1088 2008.06.26 ලිපියට ද අවධානය යොමු කරමු.
           
මේ සියලූ කරුණු අනුව ඉහත නම් සඳහන්, නිලධාරින් දෙදෙනාට විරුද්ධව ඔබ ගන්නා ලද පියවර කවරේද යන්න මා වෙත දැණුම් දෙන මෙන් ඉල්ලා සිටිමු.

අ.ක/ එම්. හැරිසන් හෙවත් ටෙනිසන්





No comments:

Post a Comment