Friday, October 21, 2016

ෆාමසි මාපියාවට එක්වූ පොලිස් මාපියාව (රම්‍යලතාගේ කථාව 1 වන කොටස)


වැරදි බෙහෙතක් දී ඇස් අන්ධවීමට සැලැස්වූ ෆාමසි කාරයාව බේරාගන්න ඌරගස්මංහංදිය පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සුජිත් ප‍්‍රියන්ත ගේ නීච ප‍්‍රයත්නය ගැන හෙළිදරව්වකි.

රම්‍යලතා ඌරගස්මංහංදිය පොලිස් වසමට අයත් නවදගල පදිංචි තිදරු මවක්. පවුලම රකින්න  ගොවිලියකි. වෛද්‍යවරයා විසින් ඇසට දැමීම සඳහා ලියාදෙන බෙහෙත් තුණ්ඩුවට ඌරගස්මංහංදිය ”ගුණවර්ධන ෆාමසිය” ලබාදුන්නේ කණට දාන බෙහෙතකි.

එය පාවිච්චා කළ ඇයගේ ඇස සම්පූර්ණයෙන් අන්ධවීම වැළකුණේ, කොළඹ ජාතික අක්ෂි රෝහලේ ක්ෂණික හා කාර්යක්ෂම මැදිහත් වීමෙන්ය.

මෙය දිග කථාවක්. ඉදිරියට එ් පිළිබඳව විස්තරාත්මකව හෙළි කිරීමට පියවර ගන්නෙමු.

මේ වැරදි බෙහෙතක් දීම පිළිබඳව ෆාමසි කෙරුවාවට එරෙහිව නීතිමය පියවර ගැනීමට ඉදිරිපත් වූ රම්‍යලතාට පොලීසිය සැලකූ ආකාරය පිළිබඳ සටහනකි.

කොළඹ ජාතික රෝහලේ දින 17 ක් පුරා නේවාසික ප‍්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව, අර්ධ වශයෙන් පෙනීම ලබාගත් ඇය, ඌරගස්මංහංදිය පොලිසියට ගොස් එ් හා අදාලව පැමිණිල්ලක් කරන ලදි. එ් 2016 මාර්තු 12 දින දීය.

දින නවයකට පසුව 2016 මාර්තු 21 දින ඌරගස්මංහංදිය පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සුජිත් ප‍්‍රියන්ත ඇල්පිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයේ, ෆාමසියේ අයිතිකරුවාට නොව එහි සේවකයෙකුට විරුද්ධව නඩුවක් ගොනු කරණු ලැබීය.

නඩුවාර දෙකකට පසුව, 2016. 07.19 වන දින, මෙම පොලිස් නිලධාරියා දුරකතන පණිවුඩයක් මගින් රම්‍යලතාව පොලීසියට ගෙන්වා ‘‘එ්කාන්තයෙන් ම” නඩුව පරදින බවත්, එ් නිසා ෆාමසි අයිතිකරු ශාන්ත නැමැත්තාගෙන් ලක්ෂයක්, දෙකක් හෝ තුනක් ලබාගෙන සමථ වන ලෙසට බලකර ඇත.

එයට ඇය විරුද්ධ වූ විට ඇය ව එම පොලීසියේම අපරාධ අංශයේ සොයිසා නැමති නිලධාරියා ළඟට යවා ඇත. පොලිස් නිලධාරී සොයිසා ඇයට කියා ඇත්තේ, නඩුවට අදාල කිසිදු ලේඛණයක් පොලීසියේ නොමැති බවයි.

එමෙන්ම නීතිඥවරයකු ද ඇයට කියා ඇත්තේ නඩුව අනිවාර්්‍යයෙන්ම විසි කරන බවයි.

මේ පිළිබඳව ඇය පොලිස්පතිට ලිඛිතව දන්වා ඇත. TelIGP-e ලිපිනයට ද යොමුකර ඇත.

IGP පූජිත ජයසුන්දර එ් ගැන අසා, කරන්නේ කුමක්ද ? බලාගෙන සිටිමු.

ඉදිරියේදී තවත් විස්තර ........

පොලිස් මාපියාවට හා ෆාමසි මාපියාවට එක්වූ ෙදාස්තර මාපියාව ගැන තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු වන්න

No comments:

Post a Comment