Saturday, September 17, 2016

පොලීසියට මුක්කු ගැසූ වෛද්‍යවරියව, චෝදනා 04 ක් යටතේ වෛද්‍ය මණ්ඩලය ඉදිරියට කැඳවයි.

Wickremesinghe 

ගුරුවරයෙකු වූ වික‍්‍රමසිංහ මහතාට ඇහැළියගොඩ පොලීසිය 2008 අපේ‍්‍රල් මස 20 වන දින පහරදෙන ලදි. 

පහරදීමෙන් පසුව සුපුරුදු පරිදි පොලීසිය ඔහුව ඇහැළියගොඩ රෝහල මගහැර අවිස්සාවේල්ල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිණියක් ලෙසට වැඩකළ, වෛද්‍යවරියක් වූ මේනකා කුමාරිගේ නිවසට, රාත‍්‍රියේ ගෙන යන ලදි.

මේනකා කුමාරි වෛද්‍යවරිය, මොහුට පහර දුන් පොලිස් නිලධාරියා හා කථා බහ කොට වික‍්‍රමසිංහ මහතාව, නිවස තුළට ගෙන්වා, පොලිස් නිලධාරීන් ඉදිරියේ පරීක්ෂා කිරීමට උත්සාහ ගන්නා ලදි.

තමාට පොලීසිය පහරදුන්න බවත්, තමාට අමාරු බවත්, තමාව රෝහල්ගත කරන ලෙසත්, ඔහු වෛද්‍යවරියගෙන් ඉල්ලා සිටියා.

නමුත් ඇය පොලීසියේ පදයට නටමින් ඔහුව රෝහල්ගත නොකර, පරීක්ෂා කිරීමට ගත් උත්සාහය ට මොහු තරයේ විරුද්ධ වූ නිසා ඇයට එම කාර්යය කිරීමට නොහැකි විය. අධිකරණ වෛද්‍ය පෝරමයේ එය සටහන් කර පොලීසියට බාර දෙන ලදි.

නැවත ඇහැළියගොඩ පොලීසියට ගෙන ගිය වික‍්‍රමසිංහ මහතාව දැඩිව රෝගාතුර වීම නිසා මධ්‍යම රාත‍්‍රියේ ඔහුව පොලිස් ඇපයක් මත මුදාහැරීමට පොලීසියට සිදුවිය.

ඔහු පොලීසියෙන් නික්ම රත්නපුර මහ රෝහලට ඇතුළත්ව ප‍්‍රතිකාර ගන්නා ලදි.

වෛද්‍ය මේනකා කුමාරිගේ ක‍්‍රියාකළාපය පිළිබඳව වික‍්‍රමසිංහ මහතා වෛද්‍ය මණ්ඩලයට පැමිණිලි කරන ලදි.

එම පැමිණිල්ල මත වෛද්‍යවරියට එරෙහි චෝදනා 04 ක් යටතේ නඩු විභාගයක් ආරම්භ කිරීමට වෛද්‍ය මණ්ඩලය පියවර ගෙන ඇත. වෛද්‍ය මණ්ඩලය ඇයට එරෙහිව නිකුත් කළ චෝදනා පත‍්‍රය හා සිද්ධිය අදාල විඩියෝවට සවන් දෙන්න.  






No comments:

Post a Comment