Sunday, August 21, 2016

පොලිසිය පරදවා, අධ්‍යාපනය එකට එයි - එ් අල්ලස් හා දුෂණ තරගයෙනි.



කාලයක් මු`ඵල්ලේ, මේ රටේ දුෂිත ආයතන අතර අංක එක හිමි කරගෙන තිබුනේ පොලිසියයි. මේ වසරේ, අංක එක දුෂිත ආයතනය බවට අධ්‍යාපනය පත්ව ඇත. පොලිසියට හිමිව ඇත්තේ දෙවන තැනය.

ශ‍්‍රී ලංකාව දුෂිත රජ්‍යයකි. නීතියේ ආධිපත්‍යය බිඳ වැටී ඇති රටකි. නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීමට තිබෙන අධිකරණ, පොලිසිය, නීතිපති ඇතුලූ, යුක්තිය පසඳලීම අදාල සියලූ ආයතන හා එ්වාට සෘජුව සම්බන්ධ පුද්ගලයින් වැඩි දෙනා දුෂිතයින් බව හෝ දුෂණ ඉදිරියේ මුණිවත රකින අයවීම මෙයට හේතුවයි.

මෙම ආයතන වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයින්, පූජකයින් මෙන්ම දේශපාලකයින් ගේ තර්කය වන්නේ, සමාජයේ සෑම අංශයක්ම දුෂ්කර නිසා, පොලිසිය පමණක් දුෂිත ලෙසට නම් කිරීම වැරදි බවයි.

 ඕනෑම සමාජයක දුෂිතයින් සිටිති. හොරුන්, වංචාකාරයින්, අපරාධකාරයින් සිටිති. ධර්ම දේශණවලින් පමණක් සමාජයන් සුචරිත වන්නේ නැත. නීතිය අවශ්‍ය වේ. නීතිය බලාත්මක කරන ආයතන අවශ්‍ය වේ. එම ආයතනවල වගකීම නීතිය ක‍්‍රියාත්මක කිරීමය. නීතිය ක‍්‍රියාත්මක කිරීම තුල පමණි, සමාජයේ සමතුලිත බව ආරක්ෂා වන්නේ.

නීතිය, සෑම විටම ඉහළින් පිහිටිය යුතුයි. නීතිය, ආරක්ෂා කිරීම සඳහා වන ආයතන විසින් නීතියට අනුකූලව ක‍්‍රියාත්මක කළ යුතුයි.

පුහු තර්ක වලින් බැහැර, පොලිසිය ප‍්‍රමුඛ නීතිය ක‍්‍රියාත්මක කිරීම සඳහා වන ආයතන දුෂණයෙන් තොර කිරීමට පියවර ගත යුතුයි.

No comments:

Post a Comment